Gossips

ෆේස්බුක් ආදායම පහළට

භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ඇමරිකානු ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගත් බවට චෝදනා එල්ල වීමත් සමඟ ෆේස්බුක් ආයතනයේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 37කින් අඩු වී තිබෙනවා.
ඒ අනුව දිනක් තුළ ෆේස්බුක් කොටස්වල වටිනාකම සියයට 6.7කින් පහත වැටී ඇති අතර එම කොටසක මිල සටහන් වන්නේ ඩොලර් 172යි ශත 56ක් ලෙසයි.
ෆේස්බුක්, ලොව වඩාත්ම ප්‍රචලිත සහ ඉහළම වටිනාකමක් සහිත සමාජ මාධ්‍ය ජාලයයි.