Gossips

පෘථිවියට උල්කාවක් පතිත වීමේ අවදානමක්

ටොන් 9ක් බරැති දැවැන්ත උල්කාවක්, පොළොව මතුපිට ඇති ගොඩනැගිලි ආදියට හානි සිදුකරමින් පෘථිවිය මත පතිත වීමේ අවස්ථාව පවතින බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.
කෙසේ නමුත්, එය න්‍යෂ්ටික අවි යොදාගෙන වෙනත් මඟකට යොමු කිරීමේ උත්සාහයක් දැරීමට ද නාසා ආයතනය සූදානම්.
‘බෙන්නු ’ලෙස නම් කර ඇති උල්කාපාතය පෘථිවියට පතිත වීමේ අවස්ථාව 2700කට එකක් ලෙසයි ගණනය කර ඇත්තේ.
එමෙන්ම එය පෘථිවිය මත ඩයිනසෝරයන් විනාශ කළ උල්කාපාතය තරම් විශාලත්වයෙන් යුක්ත වූවක් නොවන බව සඳහන්.
මෙම උල්කාව 2135 වසරේ සැප්තැම්බර් 22 වන බ්‍රහස්පතින්දා පෘථිවිය ආසන්නයට පැමිනෙන බවයි නාසා ආයතනය ගණනය කර ඇත්තේ.