Gossips

බෑණාගෙන් මාමණ්ඩියට පිහි පහරක්

සිය මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකු ආරච්චිකට්ටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
බීමතින් පැමිණ නිරන්තරයෙන් සිය බිරිඳට සහ නැන්දම්මාට සිදුකරන පහරදීම් ඉවසාගත නොහැකිව බෑණා විසින් මාමණ්ඩියට මෙලෙස පිහි ප්‍රහාරක් එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා ආරච්චිකට්ටුව, පුංචි වෛරන්කට්ටුව ප්‍රදේශය පදිංචි වයස අවුරුදු 45ක තැනැත්තෙක්.
ඔහු ප්‍රතිකාර සදහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.
ඊයේ (19) රාත්‍රීයේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක අයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
මාමණ්ඩිය නිරන්තරයෙන් බීමතින් පැමිණ තම බිරිඳට සහ නැන්දම්මාට පහර දී කරදර කිරීම හේතුවෙන් ඔවුන් තම නිවසට කැඳවා ගැනීමට පහර දීම සිදුකළ බෑණා කටයුතු කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ මාමණ්ඩිය බීමතින් සැකකරුගේ නිවසට පැමිණ කහලකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී සැකකරු ඊට මැදිවී ගැටුම සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙනවා.
එහිදී මාමණ්ඩිය තමන්ට පිහියකින් ඇනීමට සුදානම් වූ බවත් එම අවස්ථාවේදී නිවසේ තිබූ පිහියක් රැගෙන තමන් මාමණ්ඩියට පහරදුන් බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.