Gossips

ශ්‍රී ලංකාව, ලෝක කාලගුණ වෙනසට වැඩියෙන්ම ගොදුරු වන රටවල් 10 අතරට

ශ්‍රී ලංකාව ලෝක කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් ඇති වන රටවල් 10 අතරට ඇතුළත් වන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
එම අධ්‍යයනය සිදුකර ඇත්තේ සංවර්ධිත, නැගී එන සහ පෙරමුණු වෙළදපොළ නියෝජනය කරන රටවල් 67ක් තෝරා ගනිමින්.
එම රටවල් 67 ලෝක ජනගහනයෙන් සියයට 80ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 94ක් නියෝජනය කිරීම විශේෂත්වයක්.
ජාත්‍යන්තර බැංකුවක් මගින් සිදුකළ එම අධ්‍යයනයට අනුව කාලගුණ වෙනසින් වැඩිම බලපෑමක් එල්ල වන රට ලෙස හඳුනාගෙන ඇත්තේ ඉන්දියාවයි.
පිලිපීනය සහ බංග්ලාදේශය එහි ඊළඟට අවදානමක් සහිත රටවල් ලෙස නම් කර තිබෙනවා.
ගෝලීය උණුසුම ඉහළ යාමෙන් වැසි අඩුවීම මෙන්ම සුළි සුළං, ජල ගැලීම් වැනි ප්‍රචණ්ඩ කාලගුණ සිදුවීම් සුලභ වනු ඇති බවයි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.