Gossips

ජවිපෙන් ඉඟියක්

ජනතාවගේ අවධානය වෙනස් කිරීමේ අරමුණින් එළඹෙන සතිය ඇතුළත විවිධ දේ සිදුවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ අත්තනගල්ල – කහට ඕවිට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.
‘‘ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන, විනාශ කරන, හොරකම් කරන පාලක කණ්ඩායමක් ඉන්නවා. මේ පාලක කන්ඩායමෙන් අපේ රට මුදවා නොගන්නතාක් කල් අපේ රටට අනාගතයක් නෑ. මතක තබා ගන්න. ඡන්දයක් එනකොට එනවාද මේ පැත්තේ? හකීම් එනවාද මෙහේ? ඡන්දයක් එනකොට හකීම් එනවා. මොනවද නොකියන්නේ? අද යන්ඩ ආණ්ඩුවෙන්. හෙට යන්ඩ ආණ්ඩුවෙන්. උත්තරීතර මණ්ඩලය රැස්වෙනවා. මහින්දට සහාය දෙනවාද රනිල්ට සහය දෙනවාද කියලා තාම තීරණයක් අරන් නෑ. මේ බොරුවට.. දෙපැත්තෙන් එන ගාණ මොකක්ද කියලා බලනවා. හකීම් කියලා කියන්නේ බ්‍රෝකර් කෙනෙක්. තමුන්නාන්සේලාගේ ඡන්ද ටික අරගෙන රනිල්ට හරි මහින්දට හරි විකුණනවා. ටයිල් කඩ තියෙනවා නේද මේ හරියේ.. කොළඹින් ටයිල් ගෙනල්ලා තමුන්නාන්සේලා තිහාරියේ විකුණනවා. හකීම් තිහාරියේන් ඡන්ද අරගෙන කොළඹ විකුණනවා.. එච්චරයි. මේ සතිය ඇතුලේ එක එක වර්ගයේ විකාර කරන්න පුළුවන්. අමුතු දේවල් වෙන්න පුළුවන්. හිටපු ගමන් ඇමති කෙනෙක් අතුඅඩංගුවට ගත්තා වගේ ඒවා එන්න පුළුවන්. හිටපු ගමන් මහ බැංකු අධිපති හිරේ වගේ ඒවා වෙන්න පුළුවන්. ඔය වගේ ජිමික් ටිකක් දැන් මේ සතියේ වෙන්න පුළුවන්. ජනතාවගේ අවධානය වෙන අතකට යොමුකරන්න. අහුවෙන්න එපා’’