Gossips

මළ ගෙදරට ගෙනා පෙට්ටිය විවෘත කරද්දී සිදුවූ කිසිවෙකු නොසිතූ දේ

ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයාගේ නිවසට ගෙන යාමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
මේ හේතුවෙන් ඥාතීන් දැඩි අපහසුතාවට පත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අහංගම – මැලියගොඩ ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය දා මිය ගොස් ඇති අතර, ඔහුගේ මළ සිරුර සකස් කිරීමට වැලිගම ප්‍රදේශයේ මල් ශාලාවකට භාර දී තිබෙනවා.
එම අවස්ථාවේදී මල් ශාලාව තුළ තවත් මළ සිරුරු දෙකක් සකස් කිරීමට තිබී ඇති බව සඳහන්.
පසුව එක් මළ සිරුරක් සකස් කළ මල් ශාලාවේ හිමිකරු එම මළ සිරුර යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසකට ගෙන යන ලෙසට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ මළ සිරුර යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසට ගෙන ගොස් ඥාතීන්ගේ විලාප මැද නිවසෙහි විවෘත කෙරුණා.
කෙසේ වෙතත්, එහිදී මළ සිරුර දුටු ඥාතීන් සහ ප්‍රදේශවාසීන් දැඩි ලෙස කලබලයට පත්වී මෙය තම ඥාතියාගේ මළ සිරුර නොවන බවටයි මල් ශාලාවේ සේවකයාට දැනුම් දී ඇත්තේ.
එහිදී සිදුව ඇත්තේ අහංගම – මැලියගොඩ ප්‍රදේශයට ගෙන යාමට නියමිතව තිබූ මළ සිරුර මල් ශාලාවේ සේවකයන්ට වැරදී යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසට රැගෙන ගොස් තිබීමයි.