Gossips

දියවන්නාඔයට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට

බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නාඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අද (20) උදෑසන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු ඊයේ (19) නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුල්ලේරියාව රෝහල වෙත ඉදිරිපත් කළ බවයි තලංගම පොලීසිය සඳහන් කළේ.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි එෆ්.එම්. හුසේන් නැමැති ව්‍යාපාරිකයෙකු මෙන්ම රජයේ අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු ද වනවා.