Gossips

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම අද

පසුගිය පෙබරවාරි 10 වන දා මැතිවරණය පැවැති පළාත් පාලන ආයතන 340ක බලය පිහිටුවීම අද ආරම්භ කෙරෙනවා.
ඒ සඳහා තේරී පත්වූ සභිකයින් සංඛ්‍යාව 8356ක්.
අදාළ පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා විසින් තීරණය කරනු ලබනවා.
පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන්.