Gossips

කුකුල් කූඩුවේ සිරකළ දරු සෙනෙහස

තම 10 හැවිරිදි දියණිය කුකුළු කූඩුවකට දමා වෙළෙඳපොළට ගිය මවක් පිළිබඳ පුවතක් හේවාහැට – රහතුන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අදාළ මව විසින් තම දියණිය රදවා ගොස් තිබුණේ මෙම කුඩා කුකුළු කූඩුවේයි.
ප්‍රදේශවාසීන් 119 හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමකට අනූව 28 හැවිරිදි එම මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මිට පෙරද මෙම මව මෙවැනි ක්‍රියා සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ප්‍රදේශවාසීන් පවසනවා.
අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
දැරියගේ පියා සිය පවුල සරි කරගන්නේ කුලී වැඩ සිදුකරමින්.