Gossips

නව ආදායම් බදු සංග්‍රහයෙන් ආර්ථික නිදහස පුළුල් වෙයි

අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව ආදායම් බදු සංග්‍රහය මගින් ආර්ථික නිදහස පුළුල් වන අතර, ඍජු විදේශ ආයෝජන ඉහළ නංවනු ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
නව ආදායම් බදු ක්‍රමය පිළිබඳව කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ මැදි ආදායම්ලාභී රටක් ලෙස ශ්‍රී ලංකාවට වර්තමානයේ විදේශ ආධාර හා ප්‍රදානයන් විශාල වශයෙන් නොලැබෙන බවයි.
ආයෝජකයන්ට හිතකර බදු ක්‍රමයක් රටට අවශ්‍යව ඇති අතර, නව බදු ක්‍රමය මගින් එය සරල සහ විනිවිදභාවයෙන් ඉදිරිපත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.