Gossips

පාසල් සිසුවෙකු බස්රථයෙන් අදවැටීමේ සිද්ධියට දෙදෙනෙකු රිමාන්ඩ්

මතුගම – කොළඹ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔවුන් අද (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා බස් රථයකින් පාසල් සිසුවෙකු ඇද වැටීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් මතුගම – කොළඹ බස් රථයක රියදුරෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම අදාල සිද්ධියෙන් අනතුරුව බස් රථ සේවකයින් සමඟ පාසල් සිසුවාගේ පියා ගැටුමක් ඇතිකර ගෙන තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියා අත්අඩංගුවට ගත් බවයි දොඩන්ගොඩ පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් මතුගම – කොළඹ සුඛෝපභෝගි බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.