Gossips

සියදිවි හානි කර ගත් බවට සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරු නිවසකින් හමුවෙයි

මඩකලපුව – වවුනතිව් – කුරිංජාමුනෙයි ප්‍රදේශයේ නිවසක තිබී අද(19) පෙරවරුවේ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
පොලීසිය කියා සිටියේ දරුවන් දෙදෙනෙකු ද සිටින මෙම යුවළ සියදිවි හානිකරගෙන ඇති බවට සැක කරන බවයි.
40 හැවිරිදි සැමියා ගෙළ වැළලාගෙන මරණයට පත්වී ඇති අතර 28 හැවිරිදි බිරිඳගේ මළ සිරුර ද නිවසේ කාමරයක තිබී සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
වවුනතිව් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.