බත්තරමුල්ල – තලවතුගොඩ ප්‍රදේශයේ අනතුරකින් පසු දියවන්නාඔයට පෙරළුණු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයේ හිමිකරු අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු අද (19) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිත තිබෙනවා.