Gossips

ඇවන්ගාඩ් නඩුවට දින නියම වෙයි

ඇවන්ගාඩ් – මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 26 වනදා සිට විභාගයට අද (19) දින නියම කළා.
ඒ අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එදින දක්වා අධිකරණ භාරයේ පවතින මොවුන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර මුදා හරින ලෙසට ආගමන විගමන පාලකට විනිසුුරුවරයා අද (19) නියෝගයක් ද නිකුත් කළා.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම සහ අල්ලස් ලෙස ලබාගැනීම ඇතුළු අධි චෝදනා 47ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.