Gossips

ඒකල ඇඟලූම් කර්මාන්තශාලාවක සේවිකාවන් 37දෙනෙකු රෝහල් ගත කෙරේ

ජා-ඇල – ඒකල ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්තශාලාවක සිදුවූ හදිසි ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවිකාවන් 37 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ශ්වසන අපහසුතා හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර ඇති අතර, මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.
ඇගලූම් කර්මාන්තශාලාවේ වායු සමීකරණ යන්ත්‍රයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.