Gossips

විමල් වීරවංශට සහ ජයන්ත සමරවීරට වරෙන්තු

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළා.
ඒ අද (19) දිනයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මහජන පීඩාවක් ඇතිවන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය මොවුන් දෙදෙනා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.