Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ජාවට එ.ජා.පෙ. මන්ත්‍රී කණ්ඩායම අද (19) රැස්වේ

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ සතිය තුළදී කථානායකවරයා වෙත භාරදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට (20) රැස් වන අතර, නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය වෙන් වෙන්ව සකස් කර ඇති අත්සන් ලේඛන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.
මේ අතර පොදුජන පෙරමුණ කොළඹ අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට සහය ලබාදෙන ලෙස නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට නියෝගයක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බවයි.
මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතයි.
පස්වරු 5 ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.