Gossips

ප්‍රයෝජනයට නොගන්නා ඇඹිලිපිටිය රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය

සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට විශාල අඩුපාඩුවක් ව පැවැති සී.ටී. ස්කෑන් යන්ත්‍රය සවිකර මාස ගණනක් ගත වුවත් මේ වනතුරුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැහැ.
අපහසුතාවට පත් රෝගීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මීට මැදිහත් වී ගැටලුව විසදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ඌව දකුණ සහ සබරගමුව පළාත්වලට මායිම පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විශාල රෝගීන් පිරිසක් පැමිණෙනවා.
ඒ හේතුවෙන් සබරගමුව පළාත් සභාව විසින් ඉදිකරන ලද අංග සම්පුර්ණ සී.ටී. ස්කෑන් ඒකකයක් සබරගමුව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම
සෞඛ්‍ය අමාත්‍යවරයා ද වන මහීපාල හේරත්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන්නේ 2017 වසරේ සැප්තැම්බර් 23 වන දිනයි.
කෙසේ වෙතත්, රෝගීන් සහ බලධාරීන් චෝදනා කරන්නේ මේ වනතුරු එම සී.ටී. ස්කෑන් ඒකකය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවත්වාගෙන යන බවයි.