Gossips

විශ්වාසභංගය ගැන තීරණයකට ඒකාබද්ධය හෙට රැස්වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමේ කටයුතු අද (19) යළි ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ සතිය වඩාත් තීරණාත්මක බවයි.
හෙට (20) දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක්ද විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.