Gossips

රටට අලුත් මුහුණක් අවශ්‍ය බව, පාඨලී කියයි

ඉදිරි කාලයේදී අලුත් මුහුණක් රටට ලැබිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් අද (18) පෙරවරුවේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී කෙටි කාලීන ආර්ථික වැඩපිළිවෙලක් තමන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බවයි.