Gossips

කොටදෙනියාවේදී ත්‍රිරෝද රථයක් පෙරළී කාන්තාවක් මරුට – තුන්දෙනෙකුට තුවාල (ඡායාරූප)

කොටදෙනියාව – බඩල්ගම – සිරිංගපාත රජයේ වතුයාය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (18) සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ත්‍රීරෝද රථය පැදවු පුද්ගලයාට නින්ද යාම නිසා එය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.


ඡායාරූප – සීදුව, ප්‍රසාද් මුතුකුඩ