Gossips

පොලිසිය ඉදිරිපිට දී කාන්තාවකට එල්ලවූ පිහි පහර

අරණායක පොලිසිය ඉදිරිපිටදි අද (18) පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා.
පහර කෑමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වන විට අය රෝහල් ගත කර ඇති බව අරණායක පොලිසිය පවසන්නේ.
පහරකෑමට ලක්වූ කාන්තාව අරණායක, කුමාරපුර ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තැනැත්තියක් බව සඳහන්.
අරණායක, නාය ගිය පල්ලේබාගේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.
මොවුන් දෙදෙනා වසර 03ක් කාලයක් විවාහ නොවී අඹු සැමියන් ලෙස ජීවත්ව ඇති බව පොලිසිය පවසනවා.
සිද්ධිය වූ දිනයේදී දෙදෙනාම පොලිසියට ගෙන්වා ඇත්තේ පවුල් ආරවුලක් මුල්කරගනිමින් අදාල කාන්තව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
පහරදීමෙන් පසු අදාල පුද්ගලයා එම ස්ථානයෙන් පැන ගොස් ඇති අතර මේ වන විට ඔහු අත්අඩංගුවට ගැනිමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පහරකෑමට ලක්වූ කාන්තාව මේ වන විට කෑගල්ල රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.