Gossips

මහජන නියෝජිතයින්ට ජනපතිගෙන් උපදෙසක්

මහජන නියෝජිතයින් තම හැසිරීමෙන් සහ ක්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොටුව – ජනාධිපති මන්දිරයේදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ නිදහස් පක්ෂ සහ නිදහස් සන්ධාන නියෝජිතයින් අද (18) හමුවූ අවස්ථාවේදියි.
නියමිත කාලසටහනකට අනුව යමින් මහජන ගැටලූ විසඳීම සඳහා උපරිම දායකත්වය ලබාදිය යුතු බවත් එහිදී මහජනයා සමග ගැටුම් ඇති නොකර ප්‍රතිපත්තිගරුකව, සාවධානව හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එසේම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ප්‍රතිඵල පිළිබඳ පසුබට නොවී අඩුපාඩු සකස්කර ගනිමින්, නිවැරදිව හා ශක්තිමත්ව දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා