ලෝක වෙළඳපොලේ බොරතල් මිල ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 66 යි ශත 21 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙබරවාරි 28 වනදායින් පසු වාර්තාවූ ඉහළම අගයයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිලද ඉහළ ගොස් ඩොලර් 62 යි ශත 34 ක් ලෙස වාර්තාවුණා.
ඒ, මාර්තු 07 වනදායින් පසු වාර්තාවූ ඉහළ අගය බවයි වෙළඳපොල විශ්ලේෂකයන් ප්‍රකාශ කළේ.