Gossips

තාත්තා වෙනුවට පුතාව අත්අඩංගුවට ගනියි

වරෙන්තු නිකුත් වූ තාත්තා පැනගිය පසු ගෙදර සිටි වයස අවුරුදු 16 පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසමින් ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය ප්‍රදේශයේ ගම්වාසින් ඊයේ 17 දැවැන්ත උද්ඝෝෂණයක තිරත ව තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ මාර්ගයේ පැය කිහිපයක් යන තෙන් වාහන ධාවනයට බාධා වූ බවයි සඳහන් වන්නේ.
අධිකරණයේ වරනේතුවක් නිසා කට්ටි පැන සිටි වරෙන්තුකරුවෙක් අල්ලා ගන්නට ගාල්ල යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් දෙදෙනෙක් 17 වන දින ගාල්ල යක්කලමුල්ල නාකියාදෙණිය ගම්මානයට ගොස් තිබෙනවා.
මෙහි දී සැකකරු පොලිසිය එන බව කල්තියාම දැනගෙන පැනගොස් සැඟව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙහි දී යක්කලමුල්ල පොලිස් නිලධාරින් දෙදෙනා තම රාජකාරිය වැරදි ලෙස යොදා ගනිමින්, අදාළ සැකකරුගේ වයස 16 ක් පමණ වන පුතු වරෙන්තු සැකකාර තාත්තා වෙනුවෙන් අත්අඩංගුවටගෙන ඇති බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.
මෙයට විරෝධය දක්වමින් 17 වැනිදා ගාල්ල උඩුගම පාරේ නාකියාදෙණිය අසල පාර වසා ජනතාව උද්ඝෝෂණයක නිරත වුණා.
පසුව අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 ක තරුණයා නිදහස් කර ගමට එවීමෙන් පසුව, උද්ඝෝෂකයෝ උද්ඝෝෂනය නතර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ .