Gossips

ත්‍රිරෝද රථ රියදුරන් මීටර් ගැලවීමට සැරසෙද්දී තවත් පිරිසකගේ විරෝධය

ත්‍රිරෝද රථ හිමියන් පිරිසක් සිය ත්‍රිරෝද රථවල මීටර ඉවත් කර ධාවනයේ නිරතවීමට සැරසෙනවා.
ත්‍රිරෝද රථ අමතර කොටස් මිල ඉහළ යෑම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට අවසර ඉල්ලා සිටියද ඊට විසඳුමක් නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ.
මේ නිසා තම සංගමයේ රියදුරන් මීටර ඉවත් කර ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති සුනිල් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ලබන 26 වනදා සිට මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.
කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම ක්‍රියාමාර්ගයට එකඟ නොවන බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ත්‍රිරෝද රථ මීටර සඳහා නිසි නියාමන වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.