Gossips

ෆේස්බුක් සමාගමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයෙන් කැඳවීමක්

ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග්, සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියේ පෙනී සිටිය යුතු බව ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් මණ්ඩල සාමාජිකාවක් ප්‍රකාශ කළා.
ඩිමොක්‍රටික් පාක්ෂික ඇමී ක්ලෝබුචර් කියා සිටියේ ෆේස් බුක් ආයතනය තුළ දත්ත ආරක්ෂා කිරීමට ඔවුන් අසමත් වී ඇති බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දේශපාලන උපදේශන ලබාගත් සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 50 කගේ පෞද්ගලික තොරතුරු 2014 වසරේ සිට ලබාගෙන ඇති බව පසුගියදා අනාවරණ වුණා.
එම තොරතුරු 2016 ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා උපයෝගී කරගන්නට ඇතැයි විශ්වාස කෙරනවා.
ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් සිදුකිරීම සඳහා රුසියාවද ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාල වේදිකාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ලවුණා.