Gossips

තර්ජනය කළ පිරිස අත්අඩංගුවට ගන්නැයි නුවරඑළියේ වෛද්‍යවරුන් ඉල්ලයි

කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍යවරුන් පවසනවා.
නාදුණන පිරිසක් පැමිණ කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට බැණවැදී මරණ තර්ජන කර තිබුණේ පෙරේදා රාත්‍රියේදියි.
අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කරමින් සිටියදී ඔහුගේ ඥාතීන් යැයි පවසමින් පැමිණී පිරිසක් නිසි පරිදි ප්‍රතිකාර නොකරන බව පවසමින් මෙලෙස තර්ජනය කර තිබුණා.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කොටගල රෝහලේ මේ වනවිටත් වර්ජනයක් ආරම්භ කර ඇති අතර, සාධාරණයක් ඉටු නොවන්නේ නම් දිස්ත්‍රික්කය පුරා වර්ජනය දියත් කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.