සංචාරකයන් සහ කඳු නගින්නන් විසින් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුනේ දමා ගොස් ඇති කසළ ටොන් 100 කට අධික ප්‍රමාණයක් ගුවනින් ඉවත් කරගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි.
පසුගිය වසරේදී කඳු නගින්නන් 40,000 ක් ඇතුලූව ලක්ෂයකට අධික පිරිසක් එවරස්ට් කඳුකරයේ සංචාරය කර තිබෙනවා.
ඔවුන් විසින් එහි විවිධ උස ප්රමාණයන්හි දමා ආ බීර බෝතල් සහ ටින්, ආහාර බඳුන්, කඳු නගින උපකරණ සහ ඔක්සිජන් ටැංකි එක්රැස් කිරීමට නේපාල සාම්ප්‍රදායික කඳු නඟින්නන් වන ෂර්පාවරුන් කටයුතු කරනවා.
එහෙත් දැන් ඒ සඳහා සාගර් මාතා පරිසර දූෂණ පාලන වැඩසටහන නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව සඳහන්.
නේපාල වාසීන් එවරස්ට් කඳුකරය හඳුන්වන්නේ සාගර් මාතා නමින්.
පිරිසිදු කිරීමේ වැඩසටහනේ පළමු දිනය වූ ඊයේ කිලෝග්‍රෑම් 1200 ක් බරැති අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා කත්මන්ඩු අගනුවරට රැගෙන එනු ලැබුවා.