දෙලක්ෂකට අධික මාසික දුරකථන බිල් ජනතා මුදලින් ගෙවූ නඩුව විභාගයට
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිව සිටි කාලයේ රජයේ මුද්‍රණ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කන්ද මහතාගේ මාසික දුරකථන ගාස්තුව රුපියල් දෙලක්ෂ තිස්අටදාස් අටසීය හතලිස් හතරක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට ගොණු කරන ලද නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඉවත දැමූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා එම නඩුව විභාගයට ගැනීමට තීරණය කර ඇත.