Gossips

තියුණු ආයුධයකින් පහරදී දෙදරු මවක් ඝාතනය කරයි (ඡායාරූප)

වැලිපැන්න, හතරේ කණුව ප්‍රදේශයේදී දෙදරු මවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක්.
ඇය විදේශගතව සිට පැමිණ මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචිව සිටි බවටයි හෙළිවී ඇත්තේ.
ඒ ඇයගේ අවුරුදු 16 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුත්‍රයා ද සමගින්.
දියණිය සඳහන් කර ඇත්තේ නිවසට පැමිණි 34 හැවිරිදි පුද්ගලයෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බවයි.
37 හැවිරිදි දෙදරු මවක් වන ඇය සිය අනියම් සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.
සැකකරු ද ඝාතනයෙන් පසු වස පානය කිරීම හේතුවෙන් නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එය වැලැක්වීමට ගිය කුලී නිවසේ හිමිකාරිය සහ මියගිය කාන්තාවගේ පුත්‍රයා ද තුවාල ලබා දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියාසිටියේ.
සිද්ධිය පිළිබඳ වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප – අගලවත්ත ලංකා නානායක්කාර