Gossips

එජාපයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 ට පෙර

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 31 වනදාට පෙර පත් කරන බව අමාත්‍ය සාගල රත්නායක පවසනවා.
ඌරුබොක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැතිවරණය හේතුවෙන් 2018 වසර සඳහා නිලධාරී මණ්ඩලය පත් කිරීම ප්‍රමාද වූ බවයි.
මේ සඳහා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර පක්ෂය ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ තීරණය කිරීමට මෙන්ම රජයේ ප්‍රතිපත්ති පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීමට කමිටු කිහිපයක් ද පත්කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මෙම කමිටු තුලින් ලැබෙන අදහස් පක්ෂයේ නායකයන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර කඩිනමින් ක්‍රියාවට නංවන බව ද සාගල රත්නායක මහතා කියාසිටියා.
2020 මැතිවරණය ඉලක්ක කර ගනිමින් පක්ෂයක් ලෙසට දියුණු වීමට මෙන්ම රටේ සංවර්ධන සහ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවන බවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.