Gossips

ආගරපතනේදී කාන්තාවකට ප්‍රහාරයක්

ආගරපතන – සෙන්ජෝර්ජ් ප්‍රදේශයේදී කාන්තාවකට පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ බාල සොහොයුරා සහ ඔහුගේ මිතුරෙකු වන 28 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.
මෙම කාන්තාව තමාට අයත් රෙදිපිළි වෙළදසැලෙන් සිය බාල සොහොයුරාට රෙදිපිලි ණයට ලබාදී තිබෙනවා.
එහි මුදල් ඉල්ලා පසුගියදා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.
තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.