Gossips

විලච්චියේදී පොලීසියට ප්‍රහාරයක්

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය අනුරාධපුර – විලච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසකට ඊයේ (16) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
විලච්චිය – වන්නි හොළඹෑව ප්‍රදේශයේදී එල්ලවූ එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මේ වනවිටත් විලච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
වැටලීමට යන අතරතුර අදාළ ප්‍රදේශයේ වෙළඳසැලක් අසළදී ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඒ අසළ රැඳී සිටි පුද්ගලයින් පිරිසක් විසින්.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පොලිස් සැරයන්වරයෙකුගේ අතක අස්ථි බිඳීමක් සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ සෙසු තුන්දෙනාගෙන් දෙදෙනෙකුද සැරයන්වරුන් වනවා.
මෙම සිද්ධියෙන් පසුව පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් සොයා විලච්චිය පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඒ අනුව අද (17) අලුයම සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.