කැනඩාවේ – ඔටාවා නුවර හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආශ්රමයේ තැන්පත් කර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් පිළිබඳව ඔටාවා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ (16) අලුයම් කාලයේ ආශ්‍රමය වෙත පැමිණි බැතිමතුන් එහි උද්‍යානයේ තිබූ බුද්ධ ප්‍රතිමාවට හානිකර තිබූ අයුරු දැක තිබෙනවා.
එය ඊට පෙර දින රාත්‍රී 9.30 ත් උදෑසන 7.30 ත් අතර කාලය තුළ සිදුව ඇති බවටයි පොලීසිය විශ්වාස පළ කරන්නේ.
කෙසේ නමුත්, මෙය වෛරී අපරාධකාරි ක්‍රියාවක් බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බව කැනඩාවේ පුවත්පතක් සදහන් කළා.
එහෙත්, ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඔටාවා පොලීසිය හදිසි ඇමතුම් අංක පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව කැනඩාවේ බෞද්ධ ආශ්‍රමය වෙත රැගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවෙන්.