Gossips

පේදුරුතුඩුව – යාපනය ප්‍රධාන මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

පේදුරුතුඩුව – යාපනය ප්‍රධාන මාර්ගයේ ඊයේ (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවීමට පෙර යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ආරවුලක් ඇතිව තිබෙනවා.
ආරවුලෙන් සිත් තැවුලටපත් අදාල කාන්තාව වස පානය කර ඇති අතර ඇය අච්චුවේලි රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව බරපතල තත්වයේ පසුවූ ඇය යාපනය රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී ඇය ගිලන් රථයෙන් යාපනය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ඇයගේ සැමියා යතුරුපැදියෙන් තවත් පුද්ගලයෙකු සමඟ ගිලන් රථය පසුපස ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
එම අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගිය පුද්ගලයින් දෙදෙනාම 35 වන වියේ පසුවූවන් බව සඳහන්.