Gossips

මත්ද්‍රව්‍ය මැඩලන්න නාවික හමුදාව ගුවනින්

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවනින් ගොස් පරීක්ෂාවන් සිදුකිරීම ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ හෙලිකොප්ටර් මගින් ගොස් මෙම පරීක්ෂා කටයුතු සිදුකරන අතර එහිදී ඉන්දීය යාත්‍රා මගින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩලීම පිළිබදවයි විශේෂ අවධානය යොමු වී ඇත්තේ.
නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් කේ.කේ.සී. උදයංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම වැඩපිළිවෙල යටතේ මෙරට තුළ සාගරය හරහා ගෙන එන සහ ඇතුළු වන නීතිවිරෝධී කටයුතු පාලනය කිරීම ඉතා පහසු වන බවයි.
ගුවන් යානා මෙහෙයුම් සඳහා නාවික හමුදා නිලධාරීන් හා සෙසු නිලධාරීන් සූදානම් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ මැරීන් බලකාය ද යොදා ගන්නා බවත් නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරියේදී නියමුවන් රහිත යානා ක්‍රියාත්මක කර තොරතුරු ලබා ගැනීමට සැලසුම් කර අවසන්.