Gossips

සිවිලිම උඩින් සොයාගත් ස්කාගාරය (ඡායාරූප)

එප්පාවල, පලුගස්වැව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක කළක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතී විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා තිබෙනවා.
අද (17) සිදුකළ වැටලීමේදී ගෝඩා බැරල් දෙකක්, මත්පැන් පෙරීමට යෙදා ගන්නා උපකරණ තොගයක් සහ මත් පැන් පෙරීමේ නිරතවූ පුද්ගලයෙකු එප්පාවල පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වැටලීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එප්පාවල, එළියදිවුල්වැව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙක් බව සඳහන්.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකළ නිවසේ සිවිලිම තුල රහසිගත අන්දමින් මත්පැන් පෙරීම සිදුකර ගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
අදාල නිවස කුලී පදනම මත ලබා ගෙන එහි නීති විරෝධි මත් පැන් පෙරීම සිදු කර ඇති අතර, එම මත්පැන් පැකට් කර, යතුරුපැදි මඟින් එප්පාවල සහ ඒ අවට ප්‍රදේශවලට බෙදා හැර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඡායාරූප – එප්පාවල, තිසර සමල්