Gossips

ෂී – ජින්පින්ගේ දෙවන ජනපති ධුරයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

චීන පාර්ලිමේන්තුව මගින් ජනාධිපති ෂී – ජින්පින් එරට ජනාධිපතිවරයා ලෙස අද (17) දෙවන වරටත් පත් කරනු ලැබුවා.
ඒ, බීජිං නුවර පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදියි.
එමෙන්ම ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන වෑන් කුයිෂාන් උප ජනාධිපතිවරයා ලෙස පත් කරගෙන තිබෙනවා.
ජනාධිපති ෂී – ජින්පින් යළි තේරී පත්වීම අපේක්ෂා කළ සිද්ධියක් වුවත් හිටපු දූෂණ විරෝධී දේශපාලනඥයෙකු වන වෑන් කුයිෂාන්ගේ පත්වීම අනපේක්ෂිත වූවක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
චීන පාර්ලිමේන්තුවේ අද පැවැති ඡන්දයේදී ජනාධිපති ෂී – ජින්පින්ගේ පත්වීමට ඡන්ද 2970ක් ලැබී ඇති අතර, එය සියයට 99 ඉක්ම වූ ප්‍රතිශතයක්.
චීනයේ ජනපති ධුරය දෙවරකට සීමා වී පැවතුණ ද ජනපති ෂී – ජින්පින්ට දිවි ඇති තෙක් එම ධුරය දැරීමට හැකි වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට ද මෙවර පක්ෂ සම්මේලනයේදී අනුමැතිය හිමි වුණා.