Gossips

දියවන්නා ඔයට වැටුණු සුපිරි මෝටර් රථය (ඡායාරූප)

අද උදෑසන තලවතුගොඩ ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක් දියවන්නා ඔයට වැටීමෙන් අනතුරක් සිදුවූවා.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් රථ දෙකක ගැටී අනතුරුව මෝටර් රථය මෙලෙස ඔයාට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මෝටර් රථයට හානි සිදුව ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අදාළ සුපිරි මෝටර් රථය ලියාපදිංචි නොවන මෝටර් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.