Gossips

බංගලාදේශය නොමනා ලෙස ජය සමරයි (ඡායාරූප)

නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි තරඟය බංග්ලාදේශය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට අහිතකර සිදුවීම් රැසක් ඊයේ දිනයේ වාර්තා වූවා.
ඉන් පළමු සිදුවීම වූයේ විණිසුරුවන් ලබාදුන් තීරණයකට එරෙහිව යමින් බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ අශෝභන ලෙස හැසිරීමයි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව තරඟයේ සිය ජයග්‍රණය සැමරූ බංගලාදේශ ක්‍රීඩකයන් විසින් කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දේපලවලට ද හානිකර ඇති අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම ඡායාරූප පහතින්.

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති තරඟය වෙත මේ වනවිට ලොව පුරා අවධානය යොමුව තිබෙනවා.
ඒ අවසන් පන්දුවාරයේදී ඇතිවූ සිදුවීමක් පදනම් කරගනිමින් බංගලාදේශ ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මාගුණයට හානිදායක වන අයුරින් පිටිය තුළ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන්.
එහිදී අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියේ ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක ඉසුරු උදාන විසින්.
එම පන්දුවාරය ආරම්භයේදී බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 6 කදී ලකුණු 12 අවශ්‍යව පැවතියා.
එම පන්දුවාරයේදී Mustafizur දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමත් සමඟයි මෙම උණුසුම් තත්වය ඇතිවන්නේ.
ප්‍රථමයෙන් පිටිය තුළට පිවිසි බංගලාදේශ සහය ක්‍රීඩකයෙකු විසින් ශ්‍රී ලංකා නායකයාවූ තිසර වෙත කිසියම් ප්‍රකාශයක් සිදුකරනු ලබනවා.
විදෙස් විචාරකයන් පැවසුවේ තරඟයේ උණුසුම් කළ සිදුවීම එය බවයි.
කෙසේ වෙතත් මෙලෙස තරඟයට එක්නොවන සහය ක්‍රීඩකයෙකුට ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට පිටිය තුලට පැමිණ බලපෑම් එල්ලකිරීම ඉදිරියේදී ජාත්‍යන්රයේ විශේෂ අවධානයක් යොමුවනු ඇති බව අප විශ්වාසයයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානිදායක ලෙස තම කණ්ඩායමේ සහය ක්‍රීඩකයෙක් පිටිය තුළ විනය විරෝධි ලෙස හැසිරෙද්දී එම අවස්ථාවේ පිටියෙන් ඉවත සිටි බංගලාදේශ නායක ෂකීබ් විසින් පන්දුවට පහරදෙමින් සිටි තම පිතිකරුවන් දෙදෙනාට නැවත ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙස ආවේගශීලීව හස්ත සංඥා කළා.
එහිදී පිටියේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කිරීමට විනිසුරුවන්ට බරපතල ලෙස මැදිහත් වීමට සිදුවුනා.
තරඟය ජයග්‍රහණය කලද බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයට මැකිය නොහැකි කලු පැල්ලමක් එක්කළ එම සිදුවීම පහතින්.
rnrnrnrnrnrnrnrnrnrn