Gossips

කොළඹ කුණු එකතු කිරීම රාත්‍රී කාලයේ

කොළඹ නගරයේ කසල එක්රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේදී සේවකයින් යොදවා කසල වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල්. වික්‍රමරත්න ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ විවිධ ස්ථානවල ඊයේ දිනයේදීත් කසල එක්රැස් වී තිබුණා.
කසල එක්රැස් කරන සේවකයින් පැවසුවේ වෙන් නොකළ කසල රැගෙන යාමට තමන්ට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, තමන් කසල වෙන් කළ ද ඒවා රැගෙන යාමට සේවකයින් නොපැමිණෙන බවට ජනතාව චෝදනා නගනවා.