Gossips

බිබිලේ පවුල් 50ක් ඉවත් කරයි

ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමඟ ඇති වී තිබෙන නාය යාමේ අවදානමක් හේතුවෙන් මොණරාගල – බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මලබටුහෙළ ගම්මානයේ පවුල් 50ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවයි.
පවතින වර්ෂාවත් සමඟ බුත්තල නගරය ද පසුගිය දා ජලයෙන් යට වුණා.