Gossips

දකුණු අප්‍රිකානු හිටපු ජනපති, දූෂණ නඩු විභාගයකට

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව දූෂණ නඩුවක් ගොනු කිරීමට එරට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
ඩොලර් බිලියන ගණනක් වටිනා ආයුධ ගනුදෙනුවක් ඇතුළුව චෝදනා 16ක් යටතේ දූෂණ නඩුවක් ගොනු කිරීමටයි මේ අනුව කටයුතු කෙරෙන්නේ.
ඊට අමතරව වංචා සහ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා රැසක් ද දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙනවා.
පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් 75 හැවිරිදි හිටපු ජනාධිපති සූමාට ඉල්ලා අස්වන ලෙස බල කිරීමෙන් අනතුරුවයි ඔහු පසුගිය මාසයේ සිය තනතුරෙන් ඉවත් වූයේ.
ඒ, ඉල්ලා අස්නොවුණහොත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාලක පක්ෂය විසින්ම ඔහුට දැනුම් දීමෙන් පසුවයි.