රාජද්‍රෝහී චෝදනා එල්ල වී ඇති පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය තහනම් කොට ඔහුගේ පාකිස්තාන හැඳුනුම්පත්‍රය ද අත්හිටුවන ලෙස එරට විශේෂ අධිකරණයක් ඊයේ නියෝග කළා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගන්නා ලෙසයි එමගින් දැනුම් දී ඇත්තේ.
හිටපු ජනාධිපති මුෂාරෆ් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අතර, ඔහු නඩු විභාගය සඳහා පාකිස්තානයට පිටුවහල් කළ යුතු බව අධිකරණයේ අදහසයි.