Gossips

නීතිවිරෝධී ලෙස රැගෙන ආ මත්පැන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී විදේශීය මත්පැන් බෝතල් 9ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි 1600ක් සමඟ චීන ජාතික කාන්තාවක් ද කොල්ලුපිටිය ප්‍රදේශයේදී පොලීසිය ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.