Gossips

සයිටම් දෙමව්පියන් පොලිස් මූලස්ථානයට

නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම හරහා රාජ්‍ය දේපළ අවභාවිතයක් සිදුවන බැවින් අමාත්‍ය රාජිත සේනාරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ඊට වගකිව යුතු බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය පවසනවා.
පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම හරහා රාජ්‍ය දේපළ අවභාවිතා වී ඇති බව පවසමින් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානයට භාරදීමට ඔවුන් පැමිණියත් පැමිණිල්ල භාර ගැනීමට පොලිස් මූලස්ථානයට විධි විධාන නොමැති හෙයින් එය ඉදිරියේදී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය හරහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර දෙන බවයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්ගේ සංගමය සඳහන් කළේ.