Gossips

ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත්‍ර තහනම් වෙයි

ධීවර බෝට්ටු වර්ග කිහිපයක විදුලි ජනක යන්ත්‍ර රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා.
ඒ අනුව යාන්ත්‍රික නොවන පාරම්පරික බෝට්ටු, යාන්ත්‍රික පාරම්පරික බෝට්ටු, මාදල් බෝට්ටු, පිටත සවි කරන ලද එංජින් සහිත ෆයිබර් බෝට්ටු සහ ඇතුළත එන්ජිං සවි කරන ලද බෝට්ටු සඳහා ඉදිරියේදී මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.
විදුලි ජනක යන්ත්‍ර භාවිතය නිසා ඇතැම් පන්න ක්‍රමවලට සිදුවන බලපෑම මෙම තීරණය ගැනීමට හේතුව බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.