Gossips

බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක්

තීරණාත්මක තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 160 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.
දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කුසල් ජනිත් පෙරේරා පන්දු 40කින් වේගවත් ලකුණු 61 ක් ලබාගත්තා.
නායක තිසර පෙරේරා පන්දු 38 කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 58ක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යාමට අවස්ථාවක් ලාබුනේ නැහැ.