Gossips

ආසියානු සංවර්ධන බැංකුවෙන් රජයට යෝජනා

මෙරට නවෝත්පාදන කර්මාන්ත මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ප්‍රාග්ධන සංචිතයක් සකස් කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුව රජයට යෝජනා කරනවා.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආරම්භක අරමුදලක් අවශ්‍ය වන බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.
පෞද්ගලික ආයෝජකයන් මෙන්ම රජයට එලෙස එම ක්ෂේත්‍රයට ක්‍රියාකාරිව දායක විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කළා.